Sunday, February 21, 2016

Raththaran pem purine

රත්තරන් පෙම් පුරණේ

රත්තරන් පෙම් පුරණේ සිතුවම් මකා
යන්න මගේ අන්ද නෙත් තාම නොපෙනේ ලඳේ
මට ඔබේ කුරිරු පිටුපෑම නොපෙනෙන්න නම්
දිළිඳු මේ අන්ද නෙත් වාසනාවන් ලඳේ
රත්තරන් පෙම් පුරණේ සිතුවම් මකා
යන්න මගේ අන්ද නෙත් තාම නොපෙනේ ලඳේ.......

ලොවක හිරු එලිය සඳපාන දැක ගන්න හෝ
උරුම පිං මහිම නැති මා වගේ අන්දයෝ ......
කිමද නෙතු දිලිනේ අඟනුන්ට බැන්දේ සෙනේ
ඔබ නොවේ ලඳුනි මා අතිනුයි වරදක් වුනේ
ලොව පෙනේ ඔබද ලොව අඳුරු මට පෙම්බැඳි
උන්නු ඒ යුගය අවසන්ද මගේ ලොව බිඳී

රත්තරන් පෙම් පුරණේ සිතුවම් මකා
යන්න මගේ අන්ද නෙත් තාම නොපෙනේ ලඳේ.....

තේජ අසමාන බලධාරී දෙවියන් පවා
දෑස නැති උන්ට කිව්වේද සැනසුම් දෙවා......
දෑස ඇති අයට පමණක්ද උරුමේ සෙනේ
ලඳුනි ආදරය අද අපට නැතිදෝ අනේ
ලොව පෙනේ ඔබද ලොව අඳුරු මට පෙම්බැඳි
උනුනු ඒ යුගය අවසන්ද මගේ ලොව බිඳී

රත්තරන් පෙම් පුරණේ සිතුවම් මකා
යන්න මගේ අන්ද නෙත් තාම නොපෙනේ ලඳේ
මට ඔබේ කුරිරු පිටුපෑම නොපෙනෙන්න නම්

දිළිඳු මේ අන්ද නෙත් වාසනාවන් ලඳේ

ගායනය - එච්.ආර්.ජෝතිපාල
Singer –H.R. Jothipala

No comments:

Post a Comment