Sunday, March 8, 2015

La Dalu Boo Path

ලා දළු බෝ පත්

ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ
යශෝදරා දේවී...
වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී...

ලේන කුලේ සිට ආගිය මඟ තොට සිටියා
නොසැලෙන පහන් ටැඹක් වී
නිවන් දකින තුරු මේ සංසාරේ
පසු පස ආවා සෙවනැල්ලක් වී...

තැලී සෙනේ සිත සැලී හඬන විට
වැටී දෙපා ලඟ යශෝදරාවෝ
පිපී නිවන් මල් සාධුකාර දී
නිවී පහන් විය උදෑසනක් සේ..

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

Singer  - Karunarathna Diwlgane

No comments:

Post a Comment