Buduhamuduruwo
Wadiyawage
බුදුහාමුදුරුවො
වැඩියා වාගෙයි
බුදුහාමුදුරුවො
වැඩියා වාගෙයි පින්බර සුවාමිනේ
දුක
හිතිලද හිරගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ
මගේ
අම්මාවත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ
මා
ගෙල ලූ බව ඇයට කියනවද බුදුබව ලැබෙයි අනේ
අනේ
සුවාමිනි මා ගෙළ ලන්නට ඉඩ නම් දෙන්න එපා
ගෙල
වැලලූවොත් මගෙ මළකද අම්මට පෙන්නන්න එපා
ඇතිදා
ළග උන් මිතුරන් මතු සසරෙදි හමුවන්න එපා
නැතිදා
ළග උන් බුදු අම්මේ උඹ දුක් ගිනි ගන්න එපා
බුදුහාමුදුරුවො
වැඩියා වාගෙයි පින්බර සුවාමිනේ
දුක
හිතිලද හිරගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ
නොදැන
කෙරුවත් වරද වරදමයි නැත කිසිදිනෙක සමා
මරණයෙ
දොරකඩ සිට ඔබ පායුග වැද සමුගනිමි මෙමා
කෙළිලොල්
කම් කෙළි මා සතු දිවිමග දැන් දැන් වේවි නිමා
මරණ
බයක් නෑ අම්මා සිහිවෙයි .................................
බුදුහාමුදුරුවො
වැඩියා වාගෙයි පින්බර සුවාමිනේ
දුක
හිතිලයි මා හිරගෙට ආවේ පුතුගේ මරණ දිනේ
දුදනන්
ඇසුරින් පරපණ නැසුවත් නුඹ මගේ පුතුය අනේ
මතු
උපදිනදා මාගෙම පුතුවෙයන් හොද මිනිසෙකු ලෙසිනේ
ගායනය - සනත් නන්දසිරි
Sing - Sanath Nandasiri
No comments:
Post a Comment