යදමින්
බැඳ විලංගුලා
යදමින්
බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු
ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න
අළුත්
ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
කුමට
එරට අධිකරනය - නීතිය හා විනිසුරන්..
කකා
බිබී නටන අතර - නරුම යහළු යෙළියන්
පන්දු
කෙලින අතර ඉහල - පාසල් වල අමනයන්
රටගිනි
ගෙන ඇති වග දුටු - මගේ එකම පුතනුවන්
එගිනි
නිවන මඟ සෙවීම - වරදක් දැයි මට කියන්..
යදමින්
බැද විලංගුලා..//
ගිනිගන්නා
රටක කෙලින - මී හරකුන් වැනි පුතුන්
කුමටද
මට මහ විරුවෙකි - සිරගෙයි මල මගෙ පුතුන්
කෝටිගණන්
බිහිවේවා - මගෙ පුතු වැනි තව පුතුන්
කිරි
මව්ලස මම ඉන්නම් - එවන් පුතුන් ලඟ උතුම්..
යදමින්
බැද විලංගුලා..//
ගායනය
- නන්දා මාලනී
Singer
- Nanda Malani
No comments:
Post a Comment